1/14/12

ලාරා ක්‍රොෆ්ට්ගේ පැටිකිරිය...



Birth Date:          February 14, 1968
Birthplace:          Wimbledon, London, England
Title:                     Countess of Abbingdon
Residence:         Croft Manor, Surrey, England
Blood Type:       AB-
Height:                 5' 9" / 1.75 m
Weight:                130 pounds / 59 kilo
Measurements: 34D-24-35 / 86-61-89
Hair Color:          Brunette/Auburn
Eye Color:           Brown
Marital Status:    Single
Parents:               Richard Henshingly Croft, 10th Earl of Abbingdon (father);       -                              Amelia Croft, Countess of Abbingdon (mother), both deceased




Core Design සහ Eidos මගින් එළිදැක්වුණු Tomb Raider නැමැති පරිගණක ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය ලෙස 1996 දී Lara Croft, කළ එළි බැස්සා .

එතැන් පටන් අද දක්වා ඇය සම්බන්ධයෙන් නිමැවුනු දේ

  • පරිගණක ක්‍රීඩා 11ක්
  • චිත්‍රපට 2ක්
  • චිත්‍ර කතා පොත් පෙළක්
  • නවකතා පොත් කිහිපයක්
  • කුඩා ටෙලි චිත්‍රපට 10ක්
  • Theme park rides


2006 දී  "Most Successful Human Virtual Game Heroine" ලෙස ඇය ගිනස් වාර්තා පොතට ඇතුලත් විය. 1996 සිට 2003 දක්වා ක්‍රීඩා 6ක් Core Design වෙතින් නිමැවුනු අතර එතැන් සිට අද දක්වා ක්‍රීඩා 4ක් Crystal Dynamics වෙතින් නිමැවුනි. මෙහි නවතම ක්‍රීඩාව (Tomb Raider - A Survivor is Born) මෙම වසරේ (2012) නිකුත් කිරීමට නියමිත .

මෙම ක්‍රීඩා තුල ඇය සංචාරයෙහි සහ ගවේශනයෙහි යෙදුනු විවිධ ස්ථාන...


මෙම පළමු ක්‍රීඩාවෙහි ලාරා පොලිගන් 230කින් නිමවා තිබුනු අතර අවසන් ක්‍රීඩාව වූ Tomb Raider: Underworldහි ඇය පොලිගන් 32000කින් සමන්විත විය.

මෙතෙක් නිමැවුනු ක්‍රීඩා

1996/11 - Tomb Raider - TR1
1997/11 - Tomb Raider II: Starring Lara Croft - TR2
1998/03 - "Unfinished Business" and "Shadow of the Cat" free bonus levels for TR1 - TRUB
1998/11 - Tomb Raider III: Adventures of Lara Croft - TR3
1999/04 - "The Golden Mask" free bonus levels for - TRGM
1999/11 - Tomb Raider: The Last Revelation - TRLR
1999/12 - The Times exclusive free bonus level for TRLR
2000/03 - Tomb Raider: The Lost Artifact stand-alone expansion for TR3 - TRLA
2000/06 - Tomb Raider (Game Boy Color)
2000/11 - Tomb Raider Chronicles and the Tomb Raider Level Editor - TRC
2001/07 - Tomb Raider: Curse of the Sword (Game Boy Color)
2002/11 - Tomb Raider: The Prophecy (Game Boy Advance)
2003/06 - Lara Croft Tomb Raider: The Angel of Darkness - TRAOD
2003/11 - Tomb Raider: The Osiris Codex (Java mobile)
2004/09 - Tomb Raider: The Quest for Cinnabar (Java mobile)
2004/09 - Tomb Raider: Elixir of Life (Java mobile)
2006/04 - Lara Croft Tomb Raider: Legend - TRL
2006/06 - Lara Croft's Poker Party (Java mobile)
2006/07 - Tomb Raider: Puzzle Paradox (Java mobile)
2006/11 - Tomb Raider: Legend (Game Boy Advance)
2006/11 - Lara Croft Tomb Raider: The Action Adventure (DVD)
2006/12 - Tomb Raider: Legend (Java mobile)
2007/06 - Lara Croft Tomb Raider: Anniversary - TRA දසවැනි සංවත්සරය වෙනුවෙන් පළමු ක්‍රීඩාව නව මුහුණුවරකින් නැවත ඉදිරිපත් කරන ලදී.
2007/12 - Tomb Raider: Anniversary (Java mobile)
2008/11 - Tomb Raider: Underworld - TRU
2008/12 - Tomb Raider: Underworld (2D and 3D Java mobile)
2009/02 - "Beneath the Ashes" expansion for TRU (Xbox 360) - BTA
2009/03 - "Lara's Shadow" expansion for TRU (Xbox 360) - LS
2010/08 Lara Croft and the Guardian of Light - LCGL
2013/03 - TOMB RAIDER (currently in development) - TR9


Spoiler Alert!
එළිදැක්වුනු ක්‍රීඩා වලට අනුව ලාරා ක්‍රොෆ්ට්ගේ ඉතිහාසය...

පෙබරවාරි  14, 1968London, Wimbledon, Parkside රෝහලෙහි Lara Croft උපදියි.

වයස 3-11 - Lara පුද්ගලික ගුරුවරයෙකුගෙන් ඉගෙනුම ලබයි. (Core)

වයස 3-6 - Abbingdon Girls School යන පාසලට Lara ඇතුල් වෙයි. (Crystal)

වයස 9 - Lara සහ ඇයගේ මව, Amelia, හිමාලයේදී ගුවන් අනතුරකට පත්වෙයි, පසුව අභිරහස් අන්දමට ඇයගේ මව අතුරුදහන් වෙයි. (Crystal)

වයස 10-15 - Lara තම පියා සමග නෙයෙක් ගවේෂණ වලට සම්බන්ධ වෙයි. (Crystal)

වයස 11 - Lara අයර්ලන්තය අසල හොල්මන් දූපතක රහස අනාවරණය කරයි. (Black Isle levels TRC)

වයස 15 - කම්බෝඩියාවේදී Laraගේ පියා අතුරුදහන් වෙයි. (Crystal)

වයස 11-16 - Wimbledon High School for Girls යන පාසලට Lara ඇතුල් වෙයි. (Core)

වයස 16 - Lara, Werner Von Croy සමග Angkor Wat, කම්බෝඩියාවේ ගවේෂණයක යෙදෙයි. (TRLR)

වයස 16 (නිශ්චිත නැත) - Spear of Destinyනම් පුරාවස්තුව ලබා ගැනීම සඳහා Lara රුසියානු යුධ හමුදා කඳවුරකට හොරෙන් ඇතුල් වෙයි. (TRC)

වයස 16-18 - ස්කොට්ලන්තයෙහි Gordonstoun Boarding School යන පාසලට Lara ඇතුල් වෙයි.

වයස 18-21 - Swiss finishing පාසලකට (හැසිරීම්, සිරිත්-විරිත් උගන්වන පාසලක්) Lara ඇතුල් වෙයි. (Core)

එසේත් නැත්නම්

වයස 18-21 - Lara විශ්වවිද්‍යාලයකට ඇතුල් වන අතර, එහිදී Amanda Evert හඳුනා ගැනීමට ලැබෙයි.     Peruවල පුරාවිද්‍යා කැණීමකදී  Amanda එම ස්ථානයේ සිරවෙන අතර Lara ඇය බේරා ගැනීමට         අපොහොසත් වෙයි. Amandaගේ සිරුර නොලැබුනත් ඇය මියගිය බවට අවසානයේ තහවුරු කරයි.     (TRL)

වයස 21 - හිම ක්‍රීඩා  කර ගෙදර එන අතරමග Lara හිමාලයේදී නැවතත් ගුවන් අනතුරකට මුහුණ දෙයි. මෙම අනතුරෙන් දිවි ගලවා ගන්නේ ඇය පමණක් වන අතර මනුෂ්‍යවාසයකට ඇයට පැමිණිය හැකි වන්නේ                          ඝන වනාන්තරයෙහි සති දෙකක දුෂ්කර ගමනකින් පසුව ය. හුදකලාව තම ගවේෂණයන් කිරීමට ඇය පෙලඹෙන්නේ මෙම අත්දැකීමෙන් පසුවයි.

සහ

වයස 21 - Philosopher's Stone නම් පුරාවස්තුව රෝමයෙහි සොයයි. (TRC)

එසේත් නැත්නම්

වයස 21 - විශ්වවිද්‍යාලයෙන් ඉවත්වූ අළුත Lara පුරාවස්තු ගවේෂණයකට සහභාගි වන අතර ඇය ගමන්ගන්නා නෞකාව ජපානය අසල මුහුදෙහිදී අණතුරකට භාජනය වෙයි. Lara සහ තවත් පුද්ගලයෙක් තම ජීවිත බේරා ගන්නා අතර ඉතා ගුප්ත දූපතක බිහිසුනු අත්දැකීම් රාශියකට මුහුණ දීමට මොවුන්ට සිදුවෙයි. (TR9)

වයස නිශ්චිත නැත - Laraහට තම නැන්දණියකගෙන් වටිනා මන්දිරයක් උරුම වෙයි. (Core)

වයස නිශ්චිත නැත - තම පියාගේ සිරුර සොයා නොගත් හෙයින්, දේපළවල හා පදවි නාමයෙහි අයිතිය උදෙසා තම ඥාතීන් සමග නීතිය ඉදිරියේ සටන් වැදීමට Laraට සිදුවෙයි. මෙම සටනින් ඇය ජය ගන්නා අතර ඥාතීන් විසින් ඇයව කොන් කරනු ලැබෙයි. (Crystal)

වයස නිශ්චිත නැත - ගුප්ත පුරාවස්තුවක් වූ Scion වෙනුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුකල Laraගේ පළමු ගවේෂණය. (TR1/TRA)

වයස නිශ්චිත නැත - Lara නැවත ඊජිප්තුවට හා ඇට්ලැන්ටිස්වලට යයි. (TRUB)

වයස නිශ්චිත නැත - Lara, “Dagger of Xian” යන මිත්‍යාකථාව සම්බන්ධව ගවේෂණය කරයි. (TR2)

වයස නිශ්චිත නැත - Mask of Tornarsuk යන පුරාවස්තුව සෙවීම සඳහා Lara ඇලස්කාවට යයි. (TRGM)

වයස නිශ්චිත නැත - ඈත අතීතයේ පතිතවූ උල්කාවකින් නිර්මාණය කරන ලද පුරාවස්තු හතරක් සොයා ගැනීමට Lara මුළු ලෝකයම අලලා ගවේෂණයක යෙදෙයි. (TR3)

වයස නිශ්චිත නැත - මෙවැනි පුරාවස්තු පහක් ඇති බව දැනගන්නා Lara, පස්වැනි පුරාවස්තුව සොයාගැනීම සඳහා නැවත ගවේෂණයක යෙදෙයි. (TRLA)

වයස 27 - Lara, Von Croy Industry මූලස්ථානයට හොරෙන් ඇතුල්වී Iris පුරාවස්තුව සොරකම් කරයි. (TRC)

වයස 31 - ඊජිප්තුවෙහි කරන ගවේෂණයකදී අත්වැරදීමකින් සොහොනක සිරකර තිබුණු  දුෂ්ට දෙවියෙකු වූ සෙත්ගේ ආත්මය Lara විසින් නිදහස් කෙරෙයි. ඇය කෙසේ හෝ නැවත සෙත්ව සිරකරන නමුත්                                මෙම සොහොන් ගැබ කඩා වැටී Lara සුන් බුන් වලට යටවෙයි. අවසානයේ ඇය මියගිය බවට තීරණය කරයි. (TRLR)

වයස 31 - Laraගේ හිත මිත්‍රාදීන් ක්‍රොෆ්ට් මන්දිරයෙහි රැස්ව ඇයගේ අභාවය පිළිබඳ කනගාටු වෙයි. මේ අතර Werner Von Croy ඇයව පණපිටින් හෝ ඇයගේ ශරීරය හෝ සොයා ගැනීමට උත්සාහ දරයි(TRC)

වයස නිශ්චිත නැත - ප්‍රංශයේදී Werner Von Croyව මරා දමන අතර Lara ප්‍රධාන සැකකාරිය බවට පත්වෙයි. තම නිර්දෝශී භාවය ඔප්පු කිරීම සඳහා නියම මිණීමරුවා සෙවීමට Lara පෙලඹෙයි. ඉතා භයානක කුමන්ත්‍රණයක කොටසක් බවට ඇය පත්වෙයි. මේ අතර Kurtis නම් තරුණ ගවේශකයෙක්ව හඳුනා ගන්නා ඇය ඔහුත් සමග එකතු වී මෙම රහස අනාවරණය කරගැනීමට තැත් කරයි. (TRAOD)

වයස නිශ්චිත නැත - තම මව හිමාලයේදී අතුරුදහන්වූ ස්ථානයට සමාන ස්ථානයක් බොලීවියාවේ ඇතිබව දැනගන්නා Lara එය ගවේෂණයක කිරීමට යයි. එහිදී මෙම ස්ථාන හා ආතර් අධිරාජ්‍යාගේ Excalibur නම් අසිපතත් අතර යම්කිසි සබඳතාවක් ඇතිබව ඇය දැන ගනියි. තවද මෙම ඉපැරණි අසිපතෙහි කොටස් ලෝකයේ විවිධ ස්ථාන වල ඇති බව දැනගන්නා ඇය මෙම කොටස් සෙවීමට පටන් ගනියි. නමුත් Lara නොසිතූ විරූ ආකාරයට ඇගේ පැරණි මිතුරියක්ව සිටි Amanda Evert කරලියට එයි. (TRL)

වයස නිශ්චිත නැත - Lara තම මවගේ අතුරුදහන්වීම පිළිබඳ සෙවීම දිගටම කරගෙන යයි. තම පියා මේ සම්බන්ධව ගවේෂණය කරන අතරතුර මියගොස් ඇතිබව දැනගන්නා ඇය, ඔහු නතර කල තැන සිට තම ගවේෂණ කටයුතු අරඹයි. තම මව Norse පතාල ලොවක සිරවී ඇති බව දැනගනියිLara මෙම පාතාල ලොවට යන මාර්ගය විවෘත කරගැනීම සඳහා ගවේෂණ කරයි. නමුත් Amanda Evert ද මෙම පාතාල ලොවට යන මාර්ගය විවෘත කරීමට අවශ්‍ය බව ඇය දැන ගනියි. ලාරාගේ පැරණි සතුරෙකුවූ Natlaද තම මවගේ අතුරු දහන් වීම තුල ප්‍රධාන චරිතයක් රඟපා ඇතිබව දැනගන්න ලැබෙයි. (TRU)

වයස නිශ්චිත නැත - විනාශවීගිය තම නිවසට (ක්‍රොෆ්ට් මන්දිරය TRU දී විනාශ වෙයි) Lara නැවත පැමිණෙන්නේ තම පියා එහි සඟවා තිබුණු වටිනා පුරාවස්තුවක් සොයාගැනීම සඳහාය. නමුත් Laraට නැවතත් Natla (in TR1/TRA) විසින් සාදන ලද තම නිවුන් අවතාරය (doppelganger) හමුවෙයි. එහෙත් Laraට මෙම අමනුෂ්‍යාගේ උදව් ඇතිව Natla සදහටම විනාශ කිරීමට හැකිවෙයි. (Natlaගේ මියයෑම ස්ථිර නැත) (BTA/LS)
                                   
වයස නිශ්චිත නැත - Lara මධ්‍යම ඇමරිකාවේ Mirror of Smoke නැමැති පුරාවස්තුව සොයයි. එහිදී එම පුරාවස්තුවේ සිරවී සිටි Xolotl නම් අමනුෂ්‍යාව ඇය වැරදීමකින් නිදහස් කරයි. Lara, Totec නැමැති ආරක්ෂකයා සමඟ එකතුව මෙම Xolotl නැමැති අමනුෂ්‍යා Mirror of Smoke පුරාවස්තුවෙහි නැවත සිරකිරීමට සිදුවෙයි. (LCGL)



“The extraordinary is in what we do, not who we are”-Lara Croft

Stella's Tomb Raider Site හා Wikipedia ඇසුරින්...